Data types in java | Access modifiers







Data Types


Data store කරලා තියාගන්න පුලුවන් විවිධ ඩේටා categories අපිට  Data types ලෙස හඳුන්වන්න පුලුවන්.


ජාවා වලදි අපි මේවා හඳුන්වන්නේ Primitive Data Types කියලා.

Primitive Data Types

Primitive data types කියන්නේ Java language එකේ පවතින මුලික data types වේ




මෙහිදී මෙම data types කොටස් 2කට බෙදන්න පුලුවන් numerical  හා non numerical කියල.

Numerical Data Types

සංඛ්‍යාමය දත්ත ගබඩා කරල තියාගන්න පුලුවන් data types හඳුන්වන්න පුලුවන් Numerical data types  කියලා.


Byte

මේ data type එක භාවිත වෙන්නෙ පූර් ණ සංඛ්‍යා සමග වැඩ කරද්දි. මේ data type එක 8 bit data type එකක්. ඒ කියන්නෙ මේ data type එකේ variable එකක bit 8 ක තොරතුරු රඳවගන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් 1 bit එකක data 2ප්‍රමාණයක් රඳවගන්න පුළුවන්. එතකොට byte variable එකක 2data ප්‍රමාණයක් (සංඛ්‍යා 512ක්) රඳවගන්න පුළුවන්. byte variable එකක සෘණ ධන අගයන් දෙකම රැඳවිය හැකි නිසා -128 සිට 127 දක්වා සංඛ්‍යා රඳවන්න පුළුවන්.


Short

මේකත් පූර් ණ සංඛ්‍යා සඳහා භාවිත වන data type එකක්. මෙය byte වලින් වෙනස් වන එකම කරුණ තමයි මේ data type එක 16 bit වීම. ඒ නිසා short variable එකක -32768 සිට 32767 දක්වා පූර් ණ සංඛ්‍යා රඳවන්න පුළුවන්.


Int

මේකත් පූර් ණ සංඛ්‍යා සඳහා භාවිත වන data type එකක්. මේ data type එක 32 bit data type එකක්. ඒ නිසා int variable එකක -2,147,483,648 සිට 2,147,483,647 දක්වා පූර් ණ සංඛ්‍යා රඳවන්න පුළුවන්.


Long

මේකත් පූර් ණ සංඛ්‍යා සඳහා භාවිත වන data type එකක්. මේ data type එක 64 bit data type එකක්. long variable එකක -263  සිට  ( 263 ) -1 දක්වා පූර් ණ සංඛ්‍යා රඳවන්න පුළුවන්.


Float and Double

දශමස්ථාන සහිත සංඛ්‍යා සමග කටයුතු කිරීම සඳහා java වල හඳුන්වාදී තිබෙන data types දෙක තමයි float සහ double කියන්නෙ. මෙතනින් float data type එක 32 bit වන අතර double data type එක 64 bit වෙනව. Float data type එකේ සාමාන්‍යයෙන් දශමස්ථාන 6 කට නිවැරදිව සංඛ්‍යාවක් රඳවන්න පුළුවන්. Double වල මෙම දශමස්ථාන සංඛ්‍යාව 15 පමණ.


Non numerical Data Types

සංඛ්‍යාමය නොවන දත්ත ගබඩා කරල තියාගන්න පුලුවන් data types හඳුන්වන්න පුලුවන් Non numerical data types  කියලා.

Boolean

මේ Boolean කියන data type එක පාවිච්චි වෙන්නෙ option 2ක් පමණක් භාවිතා වන අවස්ථා වලදි. පිළිතුර true හරි false හරි වෙන expression එකක්.


Char

Char data type එක භාවිත වෙන්නෙ Characters සමග කටයුතු කරනකොට. අකුරු ඉලක්කම් ඕන දෙයක් තියාගන්න පුලුවන්.

මීට අමතරව String කියල class 1ක් තියෙනව ඒක class 1ක් වගේම අපිට data type 1 ක් විදිහටත් use කරන්න පුලුවන්.මේකත් any character 1ක් තියාගන්න පුලුවන් type 1ක්....


Access Modifiers



Class, Variables, Methods Access කරන්න අපට ලබාදෙන security එක modify කිරීමට මෙම Access Modifiers අපිට භාවිතා කරන්න පුලුවන්.

අපිට ඉගෙන ගන්න තියෙනව Access modifiers  වර් ග 4ක්.

          1. Public
          2. Protected
          3. Default
          4. Private 

Java project එකක් ගත්තොත් ඒකෙ මුලින්ම තියෙනවා project folder එක, ඊටපස්සෙ තියෙනව package එක, ඊටත් පස්සෙ ඒකෙ ඇතුලෙ තමයි අපේ .java file එක තියෙන්නෙ. පහත රූපෙ බැලුවම ඒක තේරුම්ගන්න පුලුවන්.





Public

Public ලෙස ප්‍රකාශ කරන class, variable, method වලට අපිට අපේ  Project එකේ ඕනම  තැනක සිට ප්‍රවේශ විය හැක.

Protected

Protected ලෙස ප්‍රකාශ කරන class, variable, method වලට එකම package එකේ, එකම class  එකේ හා sub class තුළ ප්‍රවේශ විය හැක.

Default

Default ලෙස ප්‍රකාශ කර ඇති class, variable, method වලට එකම package එක තුළට ප්‍රවේශ විය හැකි නමුත් එයින් පිටත බෑ.

Private

Private ලෙස ප්‍රකාශ කළ class, variable, method වලට ප්‍රවේශ විය හැක්කේ එකම package එක තුළ හා එකම class එක තුළ පමණි.





Tech Lab by | Damith Perera


Comments

Popular posts from this blog

Object Oriented Programming (OOP) | In Sinhala

Understanding Inheritance in Java

Main Method & Constructors | in Java