Posts

Showing posts from October, 2023

Main Method & Constructors | in Java

Image
  Main Method  ජාවා වල අපි මුලින්ම ඉගෙන ගන්න Method එක තමයි මේක.මේ ඇතුලෙ තමයි අපි Method කෝල් කරන්නෙ object හදන්නෙ කොටින්ම කිව්වොත් අපි ගහන කෝඩ් එක Execute කරන්නෙ මේකෙ ඇතුලෙ තමයි.    public void main(String[] args){      System.out.println("Hello");    } Constructor Constructor එකක් කියන්නේ method එකක්. හැබැයි මේකෙන් වෙන වැඩේ වෙන්නේ class එකක් පාවිච්චි කරලා object එකක් හදනකොට.Class එකක් ඇතුලේ තමයි Constructor එකක් හදන්නේ. අපි constructors භාවිතා කරන්නේ.අපේ code එක එහෙමත් නැත්නම් software එක run වෙන්න පටන් ගද්දිම දෙන්න ඕනි commands ටික ලබාදෙන්න.  පහළ තියෙන Example code එක බලන්න. class Car { Car() { // constructor body } } මේක සාමාන්‍ය method එකක් නෙමෙයි නිසා Constructor එකක් හදනකොට එකට rules තියෙනවා. Constructor එකේ නම Class එකේ නමට සමාන වෙන්න ඕනේ Constructor එකට return type එකක් නැ . අපි Class එකක් හදනකොට Constructor එකක් හැදුවේ නැතත් Java compiler එකෙන් automatically ම code එක run වෙද්දිම හදන වා....

Data types in java | Access modifiers

Image
Data Types Data store කරලා තියාගන්න පුලුවන් විවිධ ඩේටා categories අපිට  Data types ලෙස හඳුන්වන්න පුලුවන්. ජාවා වලදි අපි මේවා හඳුන්වන්නේ Primitive Data Types කියලා. Primitive Data Types Primitive data types කියන්නේ Java language එකේ පවතින මුලික data types වේ මෙහිදී මෙම data types කොටස් 2කට බෙදන්න පුලුවන් numerical  හා non numerical කියල. Numerical Data Types සංඛ්‍යාමය දත්ත ගබඩා කරල තියාගන්න පුලුවන් data types හඳුන්වන්න පුලුවන් Numerical data types   කියලා. Byte මේ data type එක භාවිත වෙන්නෙ  පූර් ණ  සංඛ්‍යා සමග වැඩ කරද්දි. මේ data type එක 8 bit data type එකක්. ඒ කියන්නෙ මේ data type එකේ variable එකක bit 8 ක තොරතුරු රඳවගන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් 1 bit එකක data 2 1  ප්‍රමාණයක් රඳවගන්න පුළුවන්. එතකොට byte variable එකක 2 8  data ප්‍රමාණයක් (සංඛ්‍යා 512ක්) රඳවගන්න පුළුවන්. byte variable එකක සෘණ ධන අගයන් දෙකම රැඳවිය හැකි නිසා -128 සිට 127 දක්වා සංඛ්‍යා රඳවන්න පුළුවන්. Short මේකත් පූර් ණ සංඛ්‍යා සඳහා භාවිත වන data type එකක්. මෙය byte වලින් වෙනස්...

Object Oriented Programming (OOP) | In Sinhala

Image
Object Oriented Programming (OOP) Standards of OOP Standards in  Class  Class එකකට නමක් යෙදීමේදී සාමාන්‍යයෙන් එහි පළමු අකුර සඳහා Capital අකුරක් යොදනු ලබයි.මෙමගින් Class එක Variable වලින් හා Function/Methods වලින් වෙන් කර හඳුනාගැනීමට පහසු වේ. Ex :   තවද Class එකෙහි නම සඳහා වචන 2ක් යෙදීමේදී Space නොතබා එකට යොදන අතර පළමු වචනය Simple අකුරු වලිනුත් දෙවන වචනයේ පළමු අකුර පමණක් Capital වලිනුත් ඉතිරි අකුරු Simple   වලිනුත් යොදනු ලබයි.මෙය camel case යනුවෙන් හඳුන්වයි. Ex :  Standards in  Variable Variable නම් කිරීමේදී Simple අකුරු භාවිතා කළ යුතුය. වචන 2ක් සහිතව නම් කිරීමේදී සාමාන්‍යයෙන් කියවීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා යටි ඉරි මගින් වෙන් කරනු ලැබේ. Ex :  Standards in  Methods M ethod එකක් සෑදීමේදී එහි නමට පසුව ( ) යෙදීම අනිවාර්‍ය වේ. මෙය Parameter ලෙස හඳුන්වයි. Ex :   Classes, Variables, Methods නම් කිරීමේදී පහත සඳහන් වචන භාවිතා කල නොහැකි අතර මේවා Key Words ලෙස හඳුන්වයි. Object එකක් යනු … ලක්ෂණ(Properties) හා හැසිර්‍ර්ම්...